ඇඳුමත් smart වෙයි!smartphone වලින් හැදූ ඇඳුමක් එලි දකී! - New Tech Methods

Breaking

Thursday, 20 February 2014

ඇඳුමත් smart වෙයි!smartphone වලින් හැදූ ඇඳුමක් එලි දකී!


smartphone ඇඳුම තමයි මේවන විට ඇවිල්ලා තියන නවතම ඒ වාගේම විශාලතම විලාසිතාව!London fashion week එසේත් නැතිනම් ලන්ඩනයේ විශාලතම විලාසිතා දැක්මේදී තමයි මේක එලි දක්වුවෙ.Fyodor Golan කියන නිර්මාණකරුවා නොකියා සමඟ එක් වෙලයි මේ ගවුම හදලා තියෙන්නෙ.Fyodor Golan ඇතුලු ඔහුගේ කණ්ඩායමට මේක නිර්මාණය කරන්න මාස 3ක් පමණ ගතවෙලා තියනවා.ස්මාට්ෆෝන් 80ක් විතර මේ සඳහා යොදාගෙන තියන බවයි ආරංචිය.මේ ස්මාට්ෆෝන් වල වර්ණ රටා හදන්න වෙනමම මෘදුකාංගයකුත් ඔවුන් සකසලා තියනවා.මෘදුකාංගය මගින් අවට පරිසරයට අනුව එකිනෙකට වෙනස් රූප රටා 70ක් පමණ ස්වයංක්‍රීයව වෙනස් වෙනවා. 

 Fyodor Golan කියන විදිහට මෙය තාක්ශනය හා විලාසිතා එක්වුන අවස්ථාවක් ලෙස හඳුන්වන්න පුලුවන්.හැබැයි මේක ඇඳගත්තු කෙනෙක්ට වාඩිවෙන්න නම් හම්බෙන්නෙ නෑ :D Fyodor Golan ගේ බලාඅපොරොත්තුව නම් නොකියා සමග එක් වෙලා මේ වගේ තවත් වැඩ ගොඩක් කරන්න!

ඒතරම්ම ප්‍රායෝගික නොවුනත් හොඳ අදහසක් නේද?මේක ගැන ඔයාලගෙ අදහසුත් පහලින් කමෙන්ට් කරන්නකෝ.....
softwarelanthaya.blogspot.com
   

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here