ලෝකයේ ලස්සනම ජාතික වනෝද්‍යාන 10 - New Tech Methods

Breaking

Saturday, 1 March 2014

ලෝකයේ ලස්සනම ජාතික වනෝද්‍යාන 10


අදමම ඔයාලට දෙන්න හිතුවා ලෝකෙ තියන ලස්සනම් ජාතික වනෝද්‍යාන 10 ගැන තොරතුරු.කියවලම බලන්නකෝ ඔයාල දන්න දේවලුත් තියන්ව නම් පහලින් කමෙන්ට් කරන්න.ඒ වගේම ලංකාවෙත් මේවගේ ලස්සන තැන් ගොඩාක් තියනව.

1. Snowdonia, Wales   


Snowdonia ජාතික වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ වේල්ස් වල  Snowdon කියන කන්ද ආශ්‍රිතව.ඒ කන්ද අඩි 3560ක් පමණ උසයි.මේ වනෝද්‍යානය ගස් වලින් වැහුනු විල්,පරණ ඉදිකිරීම,පරණ මාලිගා වලින් සමන්විතයි.  

2. Grand Canyon, the United States   

Grand Canyon  වනෝද්‍යානය හැදිලා තියෙන්නෙ කොලරාඩෝ ගංගාව වසර දහස් ගණනක් ගාලායම නිසා ඇතිවුන ගැඹුරු දොරුව නිසා.Grand Canyon කියන්නෙ ස්වභාවික ලෝක පුදුම වලින් එකක්.ඒ වගේම ඒක යුනෙස්කෝ ලෝක උරුමයක් විදිහටත් නම් කරලා තියනවා.මේ වනෝද්‍යානය ඇරිසෝනා වල අක්කර 1,200,000 පුරා විහිදෙනවා 

3. Kruger National Park, South Africa  

Kruger වනෝද්‍යානය පිහිටලා තියෙන්නෙ අප්‍රිකාවෙ.ඒක අප්‍රිකාවෙ තියන ලොකුම වනෝද්‍යානයක්.අක්කර මිලියන ගණනක් පුරා පැතිරුන එහි අපිට බලාගන්න පුලුවන් අප්‍රිකානු අලි,ජිරාෆ්ලා.තැනි තැන පිහිටලා තියන ටවර් උඩට ගිහිල උන්ව හොඳටම බලාගන්න පුලුවන්

4. Deosai, Pakistan    


Deosai වනෝද්‍යානය හරිම ප්‍රසිධයි මල් වලට හැම අසන්ත සෘතුවකම අපිට මල් දහස් ගණනක් එහි දැකගන්න පුලුවන්. 

5. Kakadu, Australia 


Kakadu වනෝද්‍යානය ඕස්ට්‍රේලියානු රජය හා එරට ආදිවාසීන් තමයි පවත් වාගෙන යන්නෙ.ඒ වගේම ඒක ලෝක උරුමයකකපිට බොහොම ලස්සන  දර්ශන එහෙදි දැකගන්න පුලුවන්.ඒ වගේම ආදිවාසිනුත් ඉන්නවා.

6. Hortobagy, Hungary 

මේක තමයි හන්ගේරියාවෙ පලවෙනි ජාතික වනෝද්‍යානය මේක කැලෑ අශ්වයන්ට වගේම තර්ජනයට මුහුනපාලා ඉන්න කුරුල්ලන්ටත් නිවසක්.ගොඩක් කුරුලු නිරීක්ශකයෝ මෙහාට එනවා කුරුලන්ව දැක ගන්න

7. Plitvice Lakes, Croatia

ගංගා ඇල දොල වලින් පිරුණු මෙය නෙත් සිත් පිනවන ඉතාම අලංකාරන වනෝද්‍යානයකි.

8. Madain Saley National Historic Park, Saudi Arabia

කාන්තාර හා කලු ගල් වලින් පිරුනු  අලංකාර වනෝද්‍යානයකි .එමෙන්ම පුරාවිද්‍යාත්මක ස්ථානද දැක ගත් හැකිය.

9. Sagarmatha National Park, Nepal


එවරස්ට් කන්ද ආශ්‍රිතව පිහිටා ඇහි මෙහි ආරාම මෙන්ම Sherpa ගම්මානද පිහිටා ඇත.කඳුකර එලුවන් ආදී සතුන් බොහෝමයකට මෙය නිවස වී ඇත.

10. Iguazu National Park, Argentina and Brazil 


Iguazu ජාතික වනෝද්‍යානය ආජන්ටිනාව හා බ්‍රසීලය යන රටවල් දෙක අතර පිහිටා ඇත.වැසි වනාන්තරයක් වන මෙහි Iguazu දිය ඇල්ල ඇතුළුව තවත් දිය ඇලි රාශියක්ම තියනවා.

එහෙනම් අදට මම යනවා තවත් පෝස්ට් එකකින් ලගඳිම් හමුවෙමු!


No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here