සාර්ථකව Ebay seller කෙනෙක් වෙන විදිහ මුලසිට මෙන්න.. - New Tech Methods

Breaking

Friday, 8 July 2016

සාර්ථකව Ebay seller කෙනෙක් වෙන විදිහ මුලසිට මෙන්න..



ebay


හොදයි ඔන්න අද මම ඔයාලට කියන්න යන්නේ ගොඩක් වැදගත් වෙන දෙයක්..ඒ තමා එක එක විකාර ptc site පස්සේ නොයා කරන්න පුලුවන් හොද ගානක් හම්බකරන්න පුලුවන් ක්‍රමයක් වෙන Ebay selling ගැන..

                      

දැන් ඔයාල බලනවා ඇති මොනවද මම ebay එකේ විකුනන්නේ කියලා..
ඒක ඉතින් ඔයාගේ හැකියාව අනුව දෙයක් තෝරගන්න..ඇත්තටම ඔයා ලග තියන දෙයක් විකුනනවනම් තැපැල් කන්තෝරුවට ගිහිල්ල කරන්ඩ ඕන වැඩ කෑලි ටික දන්න කෙනෙක් හොයා ගන්න..නැත්තන් ඉතින් ගස් තමා..

නැත්තන් ඉතින් drop shipping වගේ කරනවනම් ඉතින් සල්ලි තමා
                                                                                               ...com/blogger_img_proxy/

හොදයි ඔන්න එහෙනම් දැන් ඔයා විකුනන් දෙයක් හොයා ගත්ත කියමුකෝ..ඒ උනත් මේක ආවට ගියාට කරන්න පුලුවන් දෙයක් නෙමේ..මේකට ප්‍රධාන වශයෙන් දේවල් ටිකක් ඕන වෙනවා..ඒ ඕන වෙන දේවල් තමා,



  • සාමාන්‍යයෙන් හොද feedback score එකක් සහ feedback precentage එකක් තියන ebay account එකක්..

  මොකක්ද මේ feedback score එක කියන්නේ..

 දැන් ඔයාල බලනවා ඇති selling පටන් ගන්නත් කලින්ම කොහොමද මේ feedback score එකක් හදා ගන්නේ කියලා..feedback score එක ගැන කියනවනම් මේ feedback score එක සහ feedback precentage තමා ගනුදෙනුකරුවෙක්ට අපි ගැන විස්වාසය ඇති කරවන ප්‍රධානම සාධක..අපි උනත් Ebay එකෙන් දෙයක් මිලදී ගද්දි මුලදිම බලන දෙයක් තමා seller ගේ feedback score එක..

ඉතින් මේ feedback එක කියන්නේ යම් member කෙනෙක්ට තමන් ebay එකේ සිදුකරලා තියන ගනුදෙනු වලට ඒ ගනුදෙනුව සිදුකරපු පුද්ගලයගෙන් ලැබෙන ප්‍රතිචාරය..මෙතනදි සිදුකරන selling විතරක් නෙමේ purchasing වලටත් ඒ හා සමාන feedback ලැබෙනවා..
feedback score එක කියන්නේ මේ විදිහට ලැබෙන ප්‍රතිචාර අනුව ebay එකෙන් membersලට ලකුනු ලබා දෙනවා..අන්න ඒ විදිහට ලැබෙන ලකුනු වලට තමා මේ feedback score එක කියන්නනේ..

  කොහොමද මේ feedback score එක ගනනය                                      කරන්නේ

දැන් අපිට ගනුදෙනුවකදි ආකාර තුනකට feedback ලැබෙන්න පුලුවන්..ඒ තමා Positive Feedbacks,Neutral Feedbacks,Negative Feedbacks.
                                 .com/blogger_img_proxy/
මේවගෙන් අදහස් වෙන්නේ 
Positive Feedbacks-ඉතා හොද ගනුදෙනුවක් සිදුවූ බව අනිත් ගනුදෙනුකරු තහවුරු කිරීම,
Neutral Feedbacks-ගනුදෙනුව පිලිබද යහපත් හෝ අයහපත් ආකල් නැති බව වගේ දෙයක්..,
Negative Feedbacks-ගනුදෙනුව අයහපත් කියලා අනිත් ගනුදෙනුකරු තහවුරු කිරීම.

මේ කියන තුන් ආකාරයේම Feedbacks අපිට selling,purchasing දෙකේදිම එක විදිහට ලැබෙන්න පුලුවන්..

එතකොට ඔය කියන feedback score එක ගනනය කරන්නේ මෙහෙමයි..(සාමාන්‍යයෙන් සාමාජිකයෙක්ගේ feedback score  එක ගනනය වෙන්නේ මාස 12ක් සදහායි..)

Positive Feedback එකකට +1ක්,
Neutral Feedbacks වලටකිසිම ලකුනක් නෑ
Negative Feedbacks එකකට -1 ක් වශයෙන් feedback score එක ගනනය කරනවා..

ඉතින් අපිට ebay selling පටන් ගද්දි ඔය කිව්ව feedback score එක වැදගත් වෙනවා..ඒ නිසා අපි selling පටන් ගන්න කලින් මේ කිව්ව feedback score එක හොදට තියෙන්න ඕනේ..නැත්තන් අපෙන් කෙනෙක් දෙයක් මිලදී ගන්නේ නෑනේ..අනික අපේ account එකක උඩින්ම හොදට පේන්න තියෙන්නෙත් මේක..ඒක නිසා මේක වැඩි කරගන්න තියන ක්‍රමය තමා selling පටන් ගන්න කලින් account එකෙන් purchasing කීපයක කරලා හොද feedback score එකක් හදා ගන්න එක..හොද එකක් කිව්වට මම පටන් ගද්දි මගේ feedback score එක 5යි තිබ්බේ..

ඒ වගේම මේ feedback score  එක අනුව membersලට එක එක තරු දෙනවා..ඒ කිව්වේ එක් එක පාට තරු..ඒ තරුවත් account එකක උඩින්ම හොදට පේන්න තියෙනවා..      
                                 .com/blogger_img_proxy/
                     


මොකක්ද මේ feedback precentage එක කියන්නේ.


මේකත් මම අර කලින් කිව්ව feedback score එක වගේම එකක්..වෙනසකට තියෙන්නේ මේකෙදි අපි ලබා ගන්න feedback වල තත්වය ලබා දෙන්නේ ප්‍රතිශතයක් විදිහට..

  කොහොමද මේ feedback precentage එක ගනනය                                කරන්නේ




සාමාන්‍යයෙන් සාමාජිකයෙක්ගේ feedback precentage  එකත් ගනනය වෙන්නේ මාස 12ක් සදහා..ඒ මෙහෙමයි..

            මාස 12 ඇතුලත ලබා ගත් Positive Feedback ප්‍රමානය           
(මාස 12 ඇතුලත ලබා ගත් Positive Feedback ප්‍රමානය+මාස 12 ඇතුලත ලබා ගත් Negative Feedback ප්‍රමානය)

ඔතනදි මම අර කලින් කිව්ව neutral Feedbacks ගනන් ගන්නේ නෑ..

ebay+selling+sinhala

හොදයි එහෙනම් ඔන්න ඔය කිව්ව අවශ්‍යයතා ටික ඔයාගේ ebay account එකත් එක්ක සම්පූර්න වෙලා තියෙන්න එෟනේ..

  • Verified PayPal Account එකක් තියෙන්න ඕනේ..
මේකත් අනිවාර්යෙන්ම තියෙන්න ඕන දෙයක්..මම Fiverr කරන නිසා Malaysian Account එකක්  තමා verify කරගෙන ඉන්නේ..

ඒ උනත් Srilanka paypal account එකක් මේකට use කරන්න පුලුවන්ද කියලනම් මම හරියටම දන්නේ නෑ..දන්න කෙනෙක් ඒ ගැන comment කරන්නකෝ..:-)

ඔන්න එහෙනම් ඔය අටශ්‍යයතා 2 තමා මූලිකවම තියෙන්න‍ෙ

හරි එහෙනම් කෙනෙක් ඔය අවශ්‍යයතා සපුරව්වම එයාට පුලුවන් දෙයක් විකුනන්න..ඒ විකුනන දේවල් වල සල්ලි කෙලින්ම එන්නේ PayPal එකට..ඒත් ඔයා සෙලර් කෙනෙක් වෙලා ටික කාලයක් යනකන් ඔයා විකුනන දේවල් වල සල්ලි ඒ වෙලේම  වියදම් කරන්න බෑ.විකුනපු දවසේ ඉදන් දවස් 21ක් යනකන් බලන් ඉන්න වෙනවා..ඒ නිසා Drop shipping වගේ කරන්න ඉන්නවනම් paypal account එකේ වැඩිපුර සල්ලි ටිකක් තියා ගන්න එකත් ලොකු අවශ්‍යයතාවයක්..

එහෙනම් අපි වැඩේ පටන් ගන්න තමා යන්නේ..
එ්ත් ඊට කලින් දැනගන්න ඕන දෙවල් ටිකක් තියනවා..
ඒවා තමා,
Ebay Listing
Ebay listing fees
Eay seller fees
Ebay seller limits
Ebay cases
Paypal Cases
Feedback revise

සහ තවත් පොඩි පොඩි කරුනු ටිකක්..මම ඒවා ඊලග ලිපියෙන් ඔයාලට විස්තර කරන්නම්..එහෙනම් මම ගියා..හොද නරක කියල comment එකක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Sinhalahacker.com වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment

Post Top Ad