අලුත් විදිහක Facebook Phishing Attack එකක්..මේ ඔබේ ප්‍රවේශම් වීම සදහාමයි!! - New Tech Methods

Breaking

Saturday, 9 July 2016

අලුත් විදිහක Facebook Phishing Attack එකක්..මේ ඔබේ ප්‍රවේශම් වීම සදහාමයි!!

.com/blogger_img_proxy/ඔන්න අද මම අලුත් විදිහක phishing attack එකක් ගැන තමා කියන්න යන්නේ..මේකනම් අතිශයින්ම දැනගැනීම සදහා පමණි..මේ විදිහේ දෙයක් ඔයාලටත් වෙන්න පුලුවන් කියලා ඔයාලව දැනුවත් කරන්න විතරයි මම මේ post එක දාන්නේ..එතකොට ඔයාලට පුලුවන් ඒ වගේ දේකින් ගැලවෙන්න..මොකද නැත්තන් අදාල සමාගමෙන් මාව හිරේ යවයි..





හරි එහෙනම් යන්ඩකෝ 

දැන් ඔයාලට පේනවා නේද මේක ව්‍යාජ දැන්වීමක්..මේකෙන් කියන්නේ mobitel එකෙන් free facebook surfing දෙනව කියලනේ..හොද අදහස් තියන කෙනෙක්ට මීට වඩා ගොඩක් හොදට මේ වගේ ව්‍යාජ දැන්වීමක් හදන්න පුලුවන්..
්‍
Untitled

දැන් ඕක දැක්කම නොදැනුවත් අය ගොඩක් රැවටෙනවනේ..ඉතින් රැවටුන ගමන් Register button එක click කරනවා..

phishing2


දැන් ඔන්න එනවා සාමාන්‍ය විදිහටම facebook app එකක් සදහා අවසර ඉල්ලලා dialog එකක්..මේකෙදි අදාල ායතනයේ වගේම victim ගේ පින්තූරයකුත් මේ page එකේ ඇතුලත් වෙනවා..ඒ නිසා මේ ක්‍රමයට කෙනෙක්ගේ password හොරකන් කරනවනම් එයාව target කරලා තමා මේ phishing pages නිර්මානය කිරීම කරන්නේ..
ඒ කිව්වේ කවුරුහරි ඔයාව target කරනවනම් එයා ඔතනට ඔයාගේ photo එකක් තමා දාන්නේ..
ඒ නිසා නොදන්න කෙනෙක් මෙතනදි රැවටෙන්ඩ ගොඩක් ඉඩ කඩ තියනවා..
 ඔන්න දැන් පුරුදු විදිහට Okay දුන්නම log  වෙන්න එනවා..
phishing3
ඔන්න දැන් පුරුදු විදිහට username password දීල log උනාම ඒවා save වෙනවා..

මම කිසිම වෙලාවක කියන්නේ නෑ මේක හොද සාර්ථක ක්‍රමයක් කියලා..ඒත් අද ලංකාවේ අන්තර්ජාලය භාවිතා කරන අය අතරේ තාමත් ඕන තරම් අය ඉන්නවා phishing කියන්නේ මොකක්ද කියලා දන්නේ නැති අය..
ඒ වගේම තවත් විශාල පිරිසක් ඉන්නවා phishing කිව්වම දන්නේ සාම්ප්‍රදායික phishing ක්‍රමය විතරයි..ඒ කිව්වේ link එක click කරපු ගමන් login page එක ආවොත් විතරයි පොඩ්ඩක් හිතන්නේ මේක phishing attack එකක් වත්දෝ කියලා..මේ වගේ කරකවලා අතෑරියම ලේසියෙන්ම කාගෙහරි ගොදුරක් වෙනවා..

ඉතින් ඒ නිසා ඒ සාම්ප්‍රදායික රාමුවට වටවෙලා ඉන්නේ නැතුව  පොඩ්ඩක් හිතන එක වැදගත් කියන්න තමා මම මේ පොස්ට් එක දැම්මේ..මේක තවත් හොයාගන්න අමාරු වෙනවා ලොග් වෙන ටික popup box එකක් ඇතුලේ වගේ දැම්මනම්..ඉතින් ඔන්න ඔය වගේ දේවලුත් මේ phishing ඇතුලේ තියනවා..

No comments:

Post a Comment

Post Top Ad