GBoard නිසා අපිටත් දැන් සිංහලෙන් වැඩ පුළුවන්!!
Google එක්ක දවස ගෙවන හුගක් සිංහල අයට මේ ලගදි ලැබුණු තෑග්ගක් විදියට මේ GBoard අදුන්වල දෙන්න පුළුවන්. ඇත්තටම GBoard කියන්නේ මොකක්ද කියල අපි ටිකක් බලමු බලමු.GBoard කරලියට එන්නේ 2016 මැයි මාසයේදී. ඒ iPhone usersලාට තමන්ගේ keyboard එක හරහා තොරතුරු,GIF, emojis එහා මෙහා යවන්න අවශ්‍ය වෙන විදිහේ application එකක් විදිහට. මොහොතකට සිතන්න ඔබ යාලුවෙක්ට දවල් කෑම ගන්න තැනක් ගැන විස්තර කියනවා කියලා. ඒත් යාළුවා ඔබ කියන තැන දන්නේ නැත්නම් ඔබට කරන්න තියෙන්නේ මේ GBoard තුලින් search කරලා අරගෙන තොරතුරු share කරගන්න තමයි.

2016 දෙසැම්බර් වෙනකොට Google අය android usersලාටත් GBoard ලබාදෙනවා. මොහොතක් සිතන්න ඔබ යාලුවෙක්ට වදුරෙක්ගේ මුණක් යවන්න keyboard එකේ emojis වල සොයනවා කියලා. දැන් එච්චර දුක් විදින්න ඕනේ නෑ. කරන්න තියෙන්නෙ GBoard එක අරගෙන monkey කියන keyword එක search කරන්න විතරයි. ඔබට අවශ්‍ය සියල්ල ඒ මගින් ලබාගන්න පුළුවන්.
අපි කරන වැඩ පහසු කරන්න උත්සහ කරන්න Google ගන්න උත්සාහයන් අතරේ මේ GBoard ඇත්තටම අපිට ලොකු පහසුවක් ගෙන දෙනවා. 2016 අගෝස්තු ආපු iOS app update එක මගින් French, German, Italian, Portugese හා Spanish භාෂා මේ සදහා එකතු වෙනවා වගේම smart GIF suggestions එකතු කරලා තිබෙනවා. 2017 අප්‍රේල් ආපු අවසාන update එකත් එක්කම භාෂා 30කට අධික ප්‍රමාණයකට GBoard සක්‍රිය වෙනවා. මේ 30 ඇතුලට සිංහල, මලයාලම්, දෙමල, තෙලිඟු වගේ භාෂා පවා ඇතුලත් වුනා.

Gboard තමන්ගේ phone එකටත් දාගන්න ආසාවෙන් ඉන්න අයට Google play මගින් ඉතා පහසුවෙන් මෙය ලබාගන්න පුළුවන්. ඔබට තියෙන්නේ G අකුර type කරලා ඔබට අවශ්‍ය දේ search කරන්න විතරයි.බොහොම මෑතකදී පැමිණුනු feature එකක් නිසා තව ඉදිරියට තව අලුත් අලුත් දේවල් ගොඩක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඒවත් එක්ක අයෙත් ඔබත් එක්ක එකතු වෙන්නම්කො. 😀
බාගත කරන්න GBoard
https://play.google.com/store/apps/details?id=com.google.android.inputmethod.latin&hl=en

No comments:
Post a Comment