සාර්ථකව Ebay Listing එකක් දාමු..--Ebay selling part3-- - New Tech Methods

Breaking

Thursday, 14 July 2016

සාර්ථකව Ebay Listing එකක් දාමු..--Ebay selling part3--


ebay-hq

ඔන්න අද මම Ebay Selling ගැන ලියන අන්තිම ලිපිය තමා ලියන්න යන්නේ..මේකෙදි මම කියන්න යන්නේ සාර්ථකව Ebay Listing එකක් දාන විදිහ..


මුලින්ම මම කලින් මේ ගැන දාපු ලිපි කියෙවව්වේ නැත්තන් කියවලා එන්නකෝ..




හරි එහෙනම් දැන් ඔයා දෙයක් Ebay එකේ විකුනන්න දාන්න තමා යන්නේ.. මුලින්ම ඔයාලගේ Ebay Account එකට log වෙලා My eBay වලට යන්න..




lsting0

එතන Sell යටතේ තියන Sell an item වලට යන්න..

lsting1

දැන් ඔන්න ඔයා ඉස්සරලාම listing එකක් දාන්න තමා යන්නේ..ඔතන Start a new listing කියන තැන ඔයාගේ listing එකට title එකක් දාන්න..මෙතනදි මේ් දාන title අනුව තමා ඔයාගේ listing එකට category එකක් suggest වෙන්නේ..

ඒ නිසා මෙතනදි දාන title එක හරියට භාණ්ඩය ගැන විස්තර වෙන විදිහට දාන්න..ඒත් මේ title එක listing එක submit කරන්න කලින් වෙනස් කරගන්න පුලුවන්..

lsting2

හරි දැන් get started ක්ලික් කරාම ඔයාට Listing එකට ගැලපෙන category එකක් තෝරන්න එයි..එතනින් වඩාත්ම ගැලපෙන category එක තෝරන්න..category වැඩි ප්‍රමානයකට ඔයාගේ listing එක ඇතුලත් කරගන්න ඕනෙනම් ඒකට අමතර ගෙවීමක් කරන්න වෙනවා..

lsting3

දැන් continue ක්ලික් කරන්න


lsting4
 දැන් මෙතනදි අහනවා අපෙන් අපි විකුනන භාණ්ඩයේ brand,model number එක වගේ විස්තර..මෙහෙම අහන්නේ මේකයි..දැන් අපි හිතමු අපි විකුනන්න යන්නේ ප්‍රසිද්ධ වර්ගයක mobile phone එකක් කියලා..galaxy s3 එකක් කියලා හිතමු..එතකොට අපි කරන්න ඕනේ ඔතන උඩ galaxy s3 කියලා ගහලා search කරන එක..
එතකොට ebay එකෙන් Galaxy s3 කියන product එකට details එයාල ලග දැනටමත් තියනවනම් අයේ අපිට කරදර කරන්නේ නෑ විස්තර ඉල්ලලා..එයාල product details අපි වෙනුවෙන් සදහන් කරලා දෙනවා..
lsting11

බැරි වෙලාවත් අපේ product එක ගැන විස්තර එයා ලග නෑ කිව්වොත් හරි ඔයාටම product details දාන්න ඕනෙනම් හරි continue with your listing ක්ලික් කරන්න..

හරි එහෙනම් බලමු දැන් මේ listing එකට ඔයාගේ product details දාන විදිහ..



lsting5

Title-ඔතන ඔයා කලින්ම දුන්න title එක වැටිලා තියනවා දකින්න පුලුවන් වෙයි..ඒත් ඔයාට ඒක වෙනස් කරන්න ඕනෙනම් මෙතනින් වෙනස් කරන්න පුලුවන්..

Subtitle-මෙතනින් ඔයාගේ listing එකට subtitle එකක් දාන්න පුලුවන්..ඒත් මේක දාන්න අමතර ගානක් දෙන්න ඕනේ..මේක දාන එක අනිවාර්ය නෑ..අමතර ගානක් දෙන්න අකමැතිනම් මේක හිස් තියන්න..මේකෙන් ප්‍රධාන වශයෙන්ම වෙන්නේ Search result වලදි පාරිභෝගිකයගේ වැඩි අවදානයක් අපේ listing එක වෙත යොමු වෙන එක..

Condition-මෙතනදි ඔයාගේ භාණ්ඩයේ තත්වය තෝරන්න ඕනේ..මම මේ තත්ව ගැන විස්තර කරා Part2 එකේදි..(http://www.sinhalahacker.net/2014/11/ebay-seller-part-2.html)


   Add photos -මෙතනදි ඔයාට පුලුවන් ඔයාගේ product එකේ හොද පින්තූර ටිකක් දාන්න..මම කලින් පෝස්ට් එකේ කිව්ව වගේ හොද ආකර්ශනීය ඒවා ටිකක් දාන්න..

lsting6
දැන් ඔයාට පුලුවන් ඔයාගේ product එකේ ගතිගුන ගැන සදහනක් කරන්න..ඒ කිව්වේ Brand,Model,Features වගේ දේවලුත් තව විශේෂතා තියන ඒවත් මේ Add item specifics වලදි ඔයාට ඇතුලත් කරන්න පුලුවන්..

listing එකක product description එකටත් කලින්ම මේ item specifics තමා පෙන්නන්නේ..ඒ නිසා ඒවා හොදට සැලකිලිමත්ව ඇතුලත් කරන්න මතක තියාගන්න..

lsting7

ඔන්න දැන්නම් ඉතින් කඩු හරඹ ටිකක් පෙන්නන්න තමා වෙලාව..මෙතන Details කියලා තියන තැනට තමා ඔයාගේ product details ටික දාන්න ඕනේ..මේකෙදි html tags පාවිච්චි කරලා මේ description එකට professional look එකක් දෙන්න පුලුවන්..
ඒ වගේම listing designer එකක් දාන්න පුලුවන්නම් ගොඩක් හොදයි.listing designer එකක් කිව්වේ ඔයාගේ listing එකට දාන theme එකක් වගේ..මේකෙන් ගොඩක් ලොකු ආර්ෂණිය වගේම professional look එකක්  ගන්න පුලුවන්..ඒත් listing designer එකනම් නිකන් දෙන්නේ නෑ..පොඩි අමතර ගානක්($0.10ක් විතර) ගන්නවා..

lsting8

ඔන්න දැන් ඔයාට පුලවන් විකුනන විදිහ සහ ගාන පිලබද තොරතුරු දෙන්න..මේ ගැනත් මම විස්තර කරා Part2 එකේදි..(http://www.sinhalahacker.net/2014/11/ebay-seller-part-2.html)
තව දෙයක්..ඔයා Auction style එකට විකුනනවනම් ඔයාට Buyitnow price එකකුත් දෙන්න පුලුවන්..ඒ කිව්වේ auction එකක් විදිහට bid කරන එකත් යන අතරම කවුරු හරි කෙනෙක් කැමතිනම් bid කර කර ඉන්නේ නැතුව වැඩි ගානක් දීල මිලදී ගන්න,එයාට ඒ සදහා පහසුකම් සපයන එකයි..මේකෙදි buyitnow price එක bid එක ආරම්බ වෙන price එකට වඩා 30%ක් වැඩි වෙන්න ඕනේ..

කෙලින්ම fixed price එකක් දානවනම් එහෙම නෑ ඔයාගේ ස්ථීර ගාන සදහන් කරන්න ඕනේ..ඒ වගේම fixed price වල option එකක් තියනවා Allow buyers to send you their Best Offers for your consideration කියලා..මේක තෝරව්වොත් වෙන්නේ buyer කෙනෙක් කැමතිනම් ඔයා දාලා තියන fixed price එකට වඩා අඩු සාධාරන මුදලකට ඔයාගේ product එක ගන්න,ඒ buyerට පුලුවන් වෙනවා ඔයාගෙන් අහන්න එයාගේ ගානට product එක දෙන්න කැමතිද කියලා..ඔයා කැමතිනම් දෙන්න පුලුවන්..අකමැතිනම් නොදී ඉන්න පුලුවන්..
lsting9

   දැන් ඔයාට පුලුවන් shipping details ඇතුලත් කරන්න..
මෙතනදි shipping policy එක edit කරලා ඔයා shipping cost කීයක් අය කරනවාද,මොන රටවලටද shipping කරන්නේ,මොනවටද නැත්තේ වගේ දේවල් පිලිබදව තොරතුරු අනිවාර්යෙන්ම සපයන්න ඕනේ..ඒක එච්චරම අමාරු දෙයක් නෙමේ..

ඒත් එකක්ම item location කියන තැනට ඔයාගේ product එක තියන තැන දෙන්න ඕනේ..

lsting10

Return policy ගැනත් පොඩි විස්තරයක් මම Part2 එකේදි කිව්වා..(http://teklanka.blogspot.com/2016/07/ebay-seller-part-2.html)

මෙතනදි ඔයාට පුලුවන් ඒ return policy edit කරලා භාණ්ඩයක් return කිරීම සම්බන්ධව ඔයාගේ නීති ඇතුලත් කරන්න..

ඒ වගේම අවසානයේදි Buyer requirements වලට ඔයාගේ භාණ්ඩ මිලදී ගන්න නම් buyer කෙනෙක්ට තියෙන්ඩ ඕනේ සුදුසුකම් මොනවද කියලා සදහන් කරන්ඩ පුලුවන්..ඒ කිව්වේ උදාහරනයක් විදිහට ඔයාට පුලුවන් අවසාන මාසය ඇතුලත Ebay unpaid case open වෙලා තියන buyers ලා  block කරන්න..

ඔන්න එහෙනම් ඒ විදිහට listing එක සම්පූර්න කරගත්තම ඔයාට පුලුවන් ඔයාගේ listing එක දාන්න යන fee එක බලාගන්න..

අවසානයේදී continue ක්ලික් කරාම පලවෙනි වතාවෙ paypal එකට connect කරන්න එයි..එතනින් connect කරාම වැඩේ ගොඩ..හැබැයි unverified paypal accounts මෙතනදි denied වෙනවා..

එහෙනම් ඔන්න ඕහොම තමා වෙන්න ඕනේ..මොකක් හරි අවුලක් තිබ්බොත් කියන්ඩකෝ්..එහෙනම් මම ගියා..
WHITE+goodbye

No comments:

Post a Comment

Post Top Ad