හරි එහෙනම් මම මුලින්ම කලින් ලිපියේ අන්තිමට කිව්ව දේවල් ටික ගැන විස්තරයක් කරන්නම්.
Ebay Listing
ebay listing එකක් කියලා කියන්නේ යම් භාණ්ඩයක් හෝ සේවාවක් ebay වෙබ් අඩවිය තුළ විකිණීම සදහා ඇතුලත් කිරීමක්.
ඒ කියන්නේ අපි හිතමු දැන් අපි ebay එකේ mobile phone එකක් විකුනනවා කියලා..එතකොට අපි mobile phone එකේ විස්තර ඇතුලත් කරලා ebay එකේ listing එකක් දාන එක තමා කරන්නේ..
ඒ කියන්නේ අපි ගන්න,විකුනන හැම භාණ්ඩයක්ම මෙන්න මේ කිව්ව listing විදිහට තමා ebay website එක ඇතුලේ තියෙන්නේ..
එතකොට මේ listing එකක් ඇතුලේ විකුනන භාණ්ඩ(items) එකක් හෝ කීපයක් තියෙන්න පුලුවන්..
මේ තියෙන්නේ ඒ විදිහේ listing එකක්.මේකේ A කියලා තියන තැන පෙන්නලා තියෙන්නේ විකුනන භාණ්ඩයේ හෝ සේවාවේ පින්තූරයක්..අපි listing එකක් දාද්දි මේ ප්‍රධාන පින්තූරය අනිවාර්යෙන්ම හොද resolution එකක් තියන සිත්ඇදගන්නාසුලු එකක් වෙන්න ඕනේ..
එතකොට B කියන තැන භාණ්ඩයේ හෝ සේවාවේ තව අමතර පින්තූර ටිකක් පෙන්නනවා..
1-මේ තියෙන්නේ Listing එකේ ප්‍රධාන title එක..අපි listing එකක් දාද්දි මේක ආකර්ෂනීයව භාණ්ඩයේ වැදගත්කම පැහැදිලි වෙන විදිහට දාන්න ඕනේ..මේක අකුරු 80ක උපරිමයකට යටත් වෙනවා..
මීට අමතරව අපිට ඕනෙනම් subtitle එකකුත් ඇතුලත් කරන්න පුලුවන්..ඒත් ඒකට අමතර ගාස්තුවක් අයකරනවා..මේ subtitle එක අපේ listing එකට search results වල පෙන්නද්දි වැඩි පාරිභෝගික අවධානයක් යොමු කරවනවා..
2-මේ තියෙන්නේ විකුනන භාණ්ඩයේ තත්වය..මේ තත්ව තමා,
- New-භාණ්ඩය අලුත්ම තත්වයේ මුද්‍රාතබන ලද පෙට්ටියත් එක්ක තියනවනම් තමයි මේ තත්වය
- New(other)-භාණ්ඩය අලුත්ම තත්වයේ තිබෙන නමුත් මුද්‍රාව නැති පෙටියත් සමග තිබීම වැනි හේතු මේ තත්වයට ඇතුලත් වෙනවා.මේකෙදි Sellerට අවස්ඵාව දෙනවා භාණ්ඩයේ තත්වය ගැන සටහනක් Listing එකට ඇතුලත් කරන්න..
- Used-භාණ්ඩය මීට කලින් භාවිතා කර තිබෙනවනම් මේ යටතට තමා වැටෙන්නේ..භාණ්ඩයේ සීරීම් පලුදුවීම් වගේ දේවල් තියෙන්න පුලුවන්..ඒත් භාණ්ඩයෙන් වෙන ක්‍රියාවලිය ඒ විදිහටම වෙන්න ඕනේ..ඒ කිව්වේ වැඩ කරන්නේ නැති බඩු මේ ගොඩට දාන්න බෑ..
- For parts or not working-මේ ගොඩට දාන්නේ සම්පූර්නයෙන්ම හරි අර්ධ වශයෙන් හරි වැඩ කරන්නේ නැති භාණ්ඩ..
3-මෙතනදි තොරන්න තියෙන්නේ භාණ්ඩයේ වර්ණය,ධාරිතාව වගේ දේවල්..මේ දේවල් භාණ්ඩයට අදාල නැත්තන් මේ තේරීම ඔයාගේ listing එකෙන් අයින් කරන්න ඕනේ..
4-මෙතන තියනවා දැනට seller විසින් මේ listing එක ඇතුලේ මේ භාණ්ඩ කීයක් විකුනලා තියනවද කියලා වගේම තව භාණ්ඩ කීයක් ඉතුරු වෙලා තියනවද කියලා..
මේකෙනම් දැනට 245ක් විකුනලා තියනවා..තව භාණ්ඩ 10කට වඩා ඉතුරුවෙලා තියනවා..
5-මෙතන සදහන් වෙන්නේ භාණ්ඩයේ මිල..seller දාලා තියන මුදල් වර්ගයට අනුව තමා ඔතන ලොකුවට ගාන පෙන්නනේ..ඒත් අපි භාවිතා කරන ebay website එකට අනුව(රට අනුව) අපිට අදාල මුදල් වර්ගයෙනුත් ගාන යටින් පොඩිවට පෙන්නනවා..
6-මේ තියෙන්නේ seller භාණ්ඩය විකුනන ආකාරය..මේ ආකාර තමා,
- Auction Style-මේ කියන්නේ වෙන්දේසියක් ආකාරයෙන් භාණ්ඩයක් විකිනීම..මේකෙදි seller විසින් දානවා starting price එකක්..එතන ඉදලා buyer ලා තමන්ගේ ගනන් ඉදිරිපත් කරන්න ඕනේ..මේ listing එකක් පවතින්නේ යම් කිසි නිශ්චිත කාලයක් යනකන්..ඒ කාලේ ඉවර වෙද්දි වැඩි ගාන ඉදිරිපත් කරපු කෙනාට භාණ්ඩය මිලදී ගන්න පුලුවන්..මේ විදිහේ ඒවා තමා bid කරන්න ඕන ඒවා කියන්නේ..bid කරනවා කියන්නේ තමන්ගේ මිල ඉදිරිපත් කරන එක..මේ bid එකක් හැම වෙලේම ඊට කලින් කෙනා දාපු bid එකට වඩා වැඩි ගානකින් දාන්න ඕනේ..ඒ උනත් මතක තියාගන්න ඔයා මොකක් හරි භාණ්ඩයකට bid කරනව කියන්නේ ඒ auction එකෙන් ඔයා දිනුවොත් අනිවාර්යෙන්ම ඒ භාණ්ඩය ගන්නවා කියලා එකග වීමක්..ඒ නිසා ගන්න බැරි ඒවටත් එක්ක නිකමට bid කරන්න එපා..feedback නරක් වෙන්න පුලුවන්.
- Fixed price-මේ විදිහෙදි seller භාණ්ඩයේ ගාන නියම කරලා එවන්නේ..ඒ ගාන ගෙවන කෙනෙක්ට භාණ්ඩය ගන්න පුලුවන්..Auction Style එකේදි ප්‍රධාන අවාසිය වෙන්නේ listing එකට නියමිත කාලේ (දවස් 3,7 ආදී වශයෙන්)ඉවරවෙනකන් බලන් ඉන්න ඕනේ භාණ්ඩය මිලදී ගන්න..ඒ දිනුවොත් විතරයි ගන්න පුලුවන්..ඒත් මේ ක්‍රමයෙදි සල්ලි තියනවනම් බලපු ගමන් මිලදී ගන්න පුලුවන්..Buy it now කියල තයෙන්නේ මේ විදිහේ ඒවා..
7-මෙතන සදහන් වෙලා තියෙන්නේ භාණ්ඩය තියෙන තැන සහ අලවියෙන් පසු එය යැවිය හැකි රටවල් පිලිබදව..Ship to worldwide කියල තියනවනම් ලොකේ හැම තැනකටම යවනවා..එහෙම නැත්තන් යවන රටවල් ටික සදහන් කරලා තියනවා..යම් කිසි රටකට යවන්නේ නැත්තන් ඒකත් සදහන් කරලා තියනවා..ඒ වගේම භාණ්ඩය තැපැල් මගින් එවන්න තැපැල් ගාස්තු කොච්චර අය කරනවද කියලත් මෙතන තියනවා..ඒ කියන්නේ භාණ්ඩයේ ගානයි තැපැල් ගාස්තුවයි දෙකම ගෙවන්න ඕනේ..
8-මෙතන තියෙන්නේ භාණ්ඩය අපි ඉන්න රටට එන්ඩ ගතවෙන කාලය අනුමාන කරලා..ඒ වගේම සාමාන්‍යෙයන් seller කොච්චර කාලයක් ඇතුලත් භාණ්ඩය තැපැල් කරනවද කියලත් බොහෝ විට මෙතන සදහන් වෙනවා..
9-අපි මේ භාණ්ඩයට මුදල් ගෙවිය යුත්තේ කොහොමද කියලා තම මෙතන ලාංඡන වලින් පෙන්නලා තියෙන්නේ..listing එක දාද්දි seller තමා තීරනය කරන්නේ භාණ්ඩය ගන්න අය තමන්ට ගෙවන්න ඕනේ මොන විදිහටද කියලා..ඉතින් ඔයා listing එකක් දාද්දි paypal තෝරගත්තොත් කෙලින්ම සල්ලි ඔයාගේ paypal account එකට තමා එන්නේ..
10- අපි listing එකක් දාද්දි අපේ භාණ්ඩය පිලිබදව සෑහීමකට පත්වෙන්නේ නැත්තන් ඒක ආපහු හරවලා එවන්න buyer ට කාලය දෙන්න ඕනේ..මේ හරවා එවීම සම්බන්ධයෙන් අපේ නීති listing එක දාද්දිම සදහන් කරන්න ඕනේ..මෙතන පෙන්නන්නේ අන්න ඒ return කිරීම සම්බන්ධ තොරතුරු..
11-අපි buyer කෙනෙක් විදිහට ගන්න හැම භාණ්ඩයක් පිලිබදවම ebay එකෙන් වගකියනවා..ඒ කියන්නේ භාණ්ඩයක් ආවේ නැත්තන් හරි,හානි වෙලා නම් හරි ,විස්තර කරපු භාණ්ඩය නෙමේනම් ආවේ හරි buyerට වියදම් උන මුලු ගානම ආපහු ගෙවන්න ebay එක බැදීඉන්නවා..ඒ පිලිබද තොරතුරු තමා මෙතන තියෙන්නේ..
12-මේ තියෙන්නේ භාණ්ඩය විකුනන seller ගැන විස්තර..එයාගේ නම,Feedback score එක ,Feedback precentage එක වගේ තොරතුරු මෙතන තියනවා..
මීට අමතර මේවට පල්ලෙහයින් තියන ඉඩ සම්පූර්නයෙන්ම වෙන් කරලා තියෙන්නේ seller විසින් දාන භාණ්ඩය පිලිබද විස්තරය සදහා..ඉතින් අපි මේ විස්තරය හොද පැහැදිලි ඉංග්‍රීසියෙන් දාන්න ඕනේ..ඒ වගේම දැක්කම ගන්න හිතෙන විදිහට රසවත්ව තියෙන්න ඕනේ..මේ විස්තරය තමා ගොඩක් වෙලාවට listing එකක සාර්ථකභාවය රදා පවතින ප්‍රධානම දේ..
Ebay listing fees
එතකොට මම කිව්ව listing එකක් කියලා කියන්නේ අපි යම් භාණ්ඩයක් විකුනන්න දාන එක කියලා..එතකොට මේ විදිහට අපිට පහසුකම් දෙනවට ebay එකෙන් ගාස්තු අය කරනවා..ඒවට තමා මේ listing fees කියන්නේ..එතකොට මේ fees වර්ග දෙකක් තියනවා..ඒ තමා මූලිකවම අනිවාර්යෙන්ම ගෙවන්න සිද්ද වෙන ඒවා සහ අමතර සේවා සදහා ගෙවන්න සිද්ද වෙන ඒවා..අනිවාර්යෙන් ගෙවන්න ඕන ඒවා ගත්තොත් 2ක් තියනවා,
- Insertion Fee-මේකෙදි වෙන්නේ අපි ebay ඒකේ භාණ්ඩයක් list කරද්දි ඒකට ගානක් කැපෙන එක..ඒක රදා පවතින්නේ භාණ්ඩය ඇතුලු කරන category ගනන හා භාණ්ඩ ප්‍රමානය මත..ඒ ගාන කැපෙන විදිහ ගැන වැඩි විස්තර මෙන්න මෙතනින් බලාගන්න පුලුවන්...http://pages.ebay.com/help/sell/fees.html#if_auction
- Final value fee-අපි list කරපු භාණ්ඩයක් විකිනෙන හැම වෙලාවකම මේ ගාන කැපෙනවා..ඒ කිව්වේ එක listing එකක භාණ්ඩ 10ක් තියනවනම් මේ ගාන 10 පාරක් අය වෙනවා..මේ ගාන තීරනය වෙන්නේ තැපැල් ගාස්තුත් එකක් භාණ්ඩයේ මුලු වටිනාකම මත..මේ පිලිබද වැඩිදුර තොරතුරු ඉස්සරලා කිව්ව තැනින්ම බලාගන්ඩ පුලුවන්..
එතකොට අමතර සේවා සදහා වියදම් ගත්තොත්,
- Advanced listing upgrade fees-මේකෙදි වෙන්නේ අපිට පුලුවන් අපේ listing එකට ලස්සන සිත්ඇදගන්නාසුලු පෙනුමක් ලබා දෙන්න එක එක විදිහේ upgrades කරනවනම් ඒවට අමතර ගානක් කැපෙනවා..
- Supplemental service fees-ebay එකෙන් ලබා දෙන විවිධ අමතර සේවා(Hassle-free returns,Global Shipping program ආදී.) භාවිතා කරනවනම් මේ විදිහේ වෙනමම ගානක් කැපෙනවා..මේක ගැනනම් අපි මුලදිම එච්චර සැලකිල්ලක් දක්වන්න ඕන නෑ.
එහෙනම් දැන් ඔන්න ඔයාට පුලුවන් ඔයාගේ භාණ්ඩ විකුනන්න කොච්චර ගානක් යනවද කියලා බලන්න..ඒ මෙන්න මේ calculator එක භාවිතා කරලා..
Ebay seller fees
දැන් මම අර කලින් කිව්ව listing fees තමා seller කෙනෙක් විදිහට අපිට ගෙවන්න වෙන්නේ..ඉතින් ebay එකෙන් හැම මාසෙකම seller කෙනෙක් ගෙවන්න ඕන සියලුම විදිහෙ ගාස්තු එකතු කරලා ebay seller fees කියලා අපිට ගෙවන්න කියනවා..අපිට පුලුවන් paypal account එක ebay account එකට join කරලා automatic payment enable කරන්න..එතකොට ebay එකෙන් මේ කියන seller fees automatically කපා ගන්නවා..එහෙම නැත්තන් අපි manually ගෙවන්න ඕනේ..මේවා ගෙවන්නේ නැතුව කට්ටි පැන පැන හිටියොත් ඔයාගේ listing cancel වෙන්නත්,buying and selling facility නැති වෙන්නත් පුලුවන්..
Ebay seller limits
මේ කියන limits වර්ග 3ක් තියනවා..ඒවා තමා
- Account limits
- Category limits
- Item limits
- Account limits-අපිට මේ යටතේ ගන්න පුලුවන් සීමාවන් තමා අපිට මාසෙකට විකුනන්න පුලවන් උපරිම භාණ්ඩ ප්‍රමානයක් හා ඒ භාණ්ඩ වල උපරිම මිල සීමාවක් තියනවා..අපේ listing එකකට දාන භාණ්ඩ මේ විදහට ගනනය කරනවා..ඒත් මොකක් හරි භාණ්ඩයක් විකිනෙන්නේ නැතුව listing එක නියමිත කාලෙන් පස්සේ ඉවර උනොත් ඒ භාණ්ඩ ගනන් ගැනෙන්නේ නෑ..මේ සීමාවන් ඉහල නංවගන්ඩ පුලුවන් අපිට..ඒ ගැන පස්සේ කතා කරමුකෝ....
- Category limits-මේකෙන් වෙන්නේ ebay එකෙන් සමහර sellerලාට සීමා පනවනවා එක මාසයක් තුල යම් category එකක භාණ්ඩ විකුනන්න පුලුවන් යම් සීමාසහිත ගානක් කියලා..මේ විදහට limit කරන්න හේතු තමා,
- Seller තාම පලවෙනි සාර්ථක විකිනීම කරලා දවස් 90කට අඩුගානක් නම් ගතවෙලා තියෙන්නේ..ඒ කියන්නේ ඕනම seller කෙනෙක් පලවෙනියට ebay එකේ sell කරන්න පටන් ගත්ත දවසේ ඉදන් දවස් 90ක් යනකන් මේ limit එක බලපානවා..
- seller යම් category එකක් තුල මීට පෙර වෙලදාම් කීපයක් කරලා නැත්තන් එයාටත් මේ limit එක බලපානවා..
- seller යම් category එකක් තුල පසුගිය අවුරුද්ද තුළ එක් වෙලදාමක් වත් සිදුකර නොතිබීම
- පසුගිය අවුරුද්ද තුල යම් category එකක විකුනපු භාණ්ඩවලින් 3%කට වැඩි ප්‍රමානයකට eBay cases හෝ PayPal cases විවෘත වෙලා තිබීම කියන හේතු බලපානවා..
- Item limits-මේකෙදි වෙන්නේ ඔයාට හොරකන් කරපු දේවල්,Copyright ප්‍රශ්න තියන දේවල්,බොරු ආකෘතිමය දේවල් වගේ items විකුනන්න තහනම් කරලා තියන එක..
මීට අමතරව තව විශේෂ සේවා එහෙම ලබා ගන්න අයට වෙන වෙන limits තියනවා..ඒත් ඒවා ගැනත් මුලදි අවධානය යොමු කරන්ඩ ඔන නෑ..
Ebay cases
මම ඔයාලට මුලදි කිව්ව buyer කෙනෙක් ගන්න හැම භාණ්ඩයක් පිලිබදවම ebay එකෙන් වගකියනවා..ඒ කියන්නේ භාණ්ඩයක් ආවේ නැත්තන් හරි,හානි වෙලා නම් හරි ,විස්තර කරපු භාණ්ඩය නෙමේනම් ආවේ හරි buyerට වියදම් උන මුලු ගානම ආපහු ගෙවන්න ebay එක බැදීඉන්නවා..ඒ වගේම seller කෙනෙක්ටත් buyer කෙනෙක්ගෙන් අසාධාරනයක් සිද්ද උනොත් එයාලටත් පුලුවන් උදව් ලබාගන්න..
ඉතින් මේ විදිහට අසාදාරනයක් උන කෙනෙක් මුලින්ම කරන්න ඕනේ තමන් ගනුදෙනු කරපු buyer or seller එක්ක කතා කරලා මේක විසදගන්ඩ බලන එක..එහෙම බැරිනම් ebay එකේ case එකක් open කරන්න ඕනේ..ඒ විදිහට Open කරන case එකකට ebay එකෙන් සෘජුව මැදිහත් වෙලා අසාධාරනය උන කෙනාට සාදාරනය ඉටු කරනවා..
උදාහරනයක් විදිහට අපි listing එකක් දාලා ඒ භාණ්ඩයක් විකිනුනාම බොරුවට item එක එව්ව කියල buyer රැවට්ටුවා කියලා හිතමු..buyer ebay case එකක් open කරාම ebay එකෙන් අපිට දන්වනව මෙහෙම case එකක් open වෙලා තියනවා..පුලුවන් තරම් ඉක්මනට ඒකට ප්‍රතිචාර දක්වන්ඩ කියලා..ඉතින් මේ ප්‍රතිචාර දක්වන්ඩ තියන කාලේ ඇතුලත අපි ප්‍රතිචාර දක්වව්වේ නැත්තන් අසාදාරනය වෙච්ච buyerට මුලු මුදලම ආපහු දෙන ගමන්ම අපිට නොකියම අපි ගනුදෙනුව කරපු payment method එකෙන් අර සල්ලි ටික කපාගන්නවා..ඒ නිසා හොර කරන්න යන්න එපා..
Paypal Cases

මේකත් ebay cases වගේම තමා..ගනුදෙනුව සිදුකරලා තියෙන්නේ PayPal හරහා නම් කෙනෙක්ට පුලුවන් Ebay එක හරහා case එකක් open කරන්නේ නැතුව තමන් කරපු ගනුදෙනුව වචාකාරීයි කියලා PayPal හරහා case එකක් open කරන්න..ගනුදෙනුව සිදුකරලා දවස් 180ක් ඇතුලත මේ කියන PayPal case එකක් open කරන්න පුලුවන්..
මේ කිව්ව cases open කරන්ඩ බලපාන ප්‍රධානම හේතු තමා,
- මිලදී ගත් දෙය නොපැමිණිම
- සම්පුර්ණයෙන් වෙනස් දෙයක් පැමිණිම
- මිලදී ගත් දේවල් වලින් අඩු ප්‍රමානයක් එවා තිබීම
- තත්වයෙන් උසස් දෙයක් බව හගවා තත්වයෙන් බාල දෙයක් එවා තිබීම
මේ වගේ දේවල් තමා බලපාන්නේ..ඒ නිසා අපි පුලුවන් තරම් උත්සහ ගන්න ඕනේ මේ වැරදි අපේ අතින් සිදද නොවෙන විදිහට වැඩ කරන්න..එහෙම කරොත් ගනුදෙනුකරුගෙන් අපිට positive feedback එකක් ලැබෙනවා sure..
Feedback revision
දැන් ඔය ඔක්කොමත් හරියට කරලා පොඩි අත්වැරැද්දකින් වගේ negative feedback එකක් ආවොත් එහෙම මොකද කරන්නේ..සේරම අතෑරලා දානවද??..නෑ ඒකට තියනව පොඩි විසදුමක්..ඒ තමා buyer ට කතා කරලා එයා දාපු negative feedback එක අයින් කරගන්න කියලා කියන එක..fiverr වල එහෙම නම් පොඩි කාලයක් ඇතුලත් ඕනතරම් පාරක් buyerට පුලුවන්නේ තමන්ගේ feedback එක වෙනස් කරන්න..ඒත මේකෙදි එහෙම බෑ..
මෙහෙමයි ඒ වැඩේ කෙරෙන්නේ..
ඔයා අවුරුද්දක් තුල සිදුකරන ගනුදෙනු 1000කට feedback revision අවස්ථා 5 ගානේ හම්බ වෙනවා..Toprated sellersලට එහෙමනම් ඊට වැඩිය හම්බ වෙනවා..
ඉතින් ඔයාට කවුරුහරි negative feedback එකක් දුන්නොත් ඔයාට feedback revision අවස්ථා ඉතුරු වෙලා තියනවනම් ඉක්මනටම ඒ ගනුදෙනුකාරයාව සම්බන්ධ කරගෙන පොඩ්ඩක් බටර් පාර ගාලා තමන්ගෙන් වෙච්ච වැරැද්දට සමාව ඉල්ලලා කොහොම හරි එයාව කැමති කරවගන්න ඕනේ තමන්ගේ feedback එක වෙනස් කරගන්න..
ඊට පස්සේ කෙලින්ම මෙතෙන්ඩ යන්ඩ
එතනින් ඔයාට පුලුවන් feedback revision request එකක් දාන්න..ඒක දැම්මම ගනුදෙනුකාරයාට ebay එකෙන් ඒ බව දන්වලා email එකක් යවනවා..එයාට ඒකට ප්‍රතිචාර දක්වන්ඩ දවස් 10ක් තියනවා..ඊට පහු උනොත් Chance එක expire වෙනවා..
ඒ වගේම මතක තියාගන්ඩ එක ගනුදෙනුවකට එක පාරයි feedback revision request දාන්න පුලුවන්..ඒ වගේම negative feedback එක වැටිලා දවස් 30ක් ඇතුලත feedback revision request එක දාන්නත් ඕනේ..
එහෙනම් ඔන්න ඕවා තමා ප්‍රධාන වශයෙන් දැනගන්න ඕනේ..
එහෙනම් හොද listing එකක් හරියට දාන විදිහ මම ඊලග post එකෙන් කියලා දෙන්නම්..
No comments:
Post a Comment